වැදගත් සිදුවීම්

දෙවන සැපයුම් සමුළුව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමා වේ
 

තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ 2017 සැපයුම් සමුළුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (24) පැවැත්විණි.

24 Mar 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.

24 Mar 2017

ලීමා 2017 ජාත්‍යන්තර නෞකා සංදර්ශනය සහ ආහාර ප්‍රදර්ශනයේදී සයුර නෞකාව විශේෂ ඇගයුමකට
 

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017 ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ (23) පැවැත්වුණු නෞකා දැක්ම (Fleet Review) හා ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා සයුර නෞකාව ද එක්විය.

24 Mar 2017

ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමු වේ
 

ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂ ගරු මසාටෝ සගිසාකා මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

23 Mar 2017

චීන තානාපති කාර්යාලයේ නව පත්වීම් ලද යුද, නාවික, ගුවන් උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකා මහජන චීන සමූහ ආණ්ඩු තානාපති කාර්යාලයේ යුද, නාවික, ගුවන් උපදේශක වශයෙන් නව පත්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

23 Mar 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී ඊයේ (22) අත්අඩංගුවට ගන්නා ලදී.

23 Mar 2017

අනවසරයෙන් මුහුදු ක්ෂීරපායීන් ඡායාරූප ගත කළ විදෙස් සහ ලාංකීක පුද්ගල‍යන් හයදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අවසර නොමැතිව මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කටයුතු සිදු කර ඡායාරූප ලබාගත් විදේශිකයන් සිව් දෙනෙකු සහ ලාංකීක පුද්ගල‍යන් දෙදෙනෙකු තල්අරඹ වෙරළ තීරයේදී ඊයේ (22) අත්අඩංගුවට ගන්නා ලදී.

23 Mar 2017

සැපයුම් සමුළුව 2017 - දෙවන වරටත් ත්‍රිකුණාමලයේදී පැවැත් වේ
 

තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලද 2017 සැපයුම් සමුළුව සාර්ථකව දෙවන වරටත් ත්‍රීකුණාමලය නාවික සාගරික විද්‍යාපීඨයේ මෙම මස 24 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

22 Mar 2017

මලයාසියාවේ දී ශ්‍රී ලංකීය සංස්කෘතික අංගයන්ගෙන්, සයුර රාත්‍රිය වර්ණවත් වෙයි
 

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017, සඳහා සහභාගී වී සිටින ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (21) රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි.

22 Mar 2017

නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන්‍ දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උඩප්පුව පොලීසිය සමග කළ වැටළිමකදී ඊයේ (21) නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

22 Mar 2017