වැදගත් සිදුවීම්

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2016 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු කුසලානය, මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම අද (9) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

09 Feb 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

08 Feb 2017

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් කොළඹ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) වේදනා නාශක ඖෂධ පෙති 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

08 Feb 2017

නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි
 

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කැප්ටන් අශෝක් රාඕ මහතා අද දින (7) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

07 Feb 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 31 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Feb 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් පී 424 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (6) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

07 Feb 2017

ගංගාරාම නවම් මහ පෙරහැරට සමගාමිව පැවති මල් පෙරහැර සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී එක් වේ
 

33 වරටත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථාන මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගංගාරාම නවම් මහ පෙරහැරට සමගාමිව පැවත් වෙන මල් පෙරහැර ගංගාරාම විහාරස්‌ථානයේ දී අද (6) පැවැත්විය විය.

06 Feb 2017

මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

06 Feb 2017

වසර 34ක සේවය නිමා කරමින් වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් ශික්ෂණ රෝහලේ ප්‍රධාන විධායක නිළධාරී වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා සිය 34 වසරක සේවය නිමා කරමින් අද (6) දින විශ්‍රාම යන ලදී.

06 Feb 2017

යාපනය අර්ද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායන 2ක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (5) යාපනය අර්ද්වීපයේ, අනලතිව් දූපතේ පිහිටි සිද්ධා බෙහෙත් ශාලාවෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ලදි.

06 Feb 2017