වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු යුද හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (16) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී එරට යුද හමුදාධිපති, ජෙනරාල් ඛුමාර් ජාවෙඩ් බජ්වා මහතා හමුවිය.
17 Feb 2017
කරාතේ ක්‍රීඩාව හැදෑරූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් සඳහා වර්ණ පටි පැළඳ වීම වැලිසර දී
නාවික හමුදා කරාතේ සංචිතය යටතේ පුහුණුව ලැබූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරු දැරියන් 8 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සහ වර්ණ පටි පැළඳවීමේ උත්සවය පසුගිය 8 වන දින වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ දී පැවැත්විණි.
17 Feb 2017
නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානයේ ලාහෝර් නුවර නාවික යුද පුහුණු පාසලේ ශිෂ්‍ය නිලධාරීන් අමතයි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (15) පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි යුද පුහුණු පාසලේ පාඨමාලාවන් හදාරන එම රටේ සහ අනෙකුත් විදේශීය රටවල ශිෂ්‍ය නිලධාරීන් අමතන ලදී.
16 Feb 2017
නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආදායමක් රජයට උපයා දෙයි
මීට මාස 15 ක පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආදායමක් රජයට උපයා දී ඇත.
16 Feb 2017
බ්‍රසීල තානාපතිනි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනි, අතිගරු එලිසබෙත් සොෆී මසෙල්ලා ඩි බස්කෝ බල්සා මහත්මිය අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
15 Feb 2017
පාකිස්තානයේ පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 සමාප්ති උළෙලට නාවික හමුදාධිපතිතුමන් එක් වේ
පාකිස්තානයේ කරච්චි නුවර ඊයේ (14) පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 හි සමාප්ති උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වීය.
15 Feb 2017
ගංජා ග්‍රෑම් 960 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනේ
ගිණිකොන නාවික විධානයට අයත් පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කල්මුනේ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (13) ගංජා ග්‍රෑම් 960 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
14 Feb 2017
නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වේ
2017- අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පාකිස්තානය බලා ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කිහිප දෙනෙකු අද (13) හමුවන ලදී.
14 Feb 2017
නාවික හමුදාධිපතිතුමන් කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය වෙත පුෂ්පෝපහාර දක්වයි
පාකිස්තානයේ නිල සංචාරයක නිරත වී සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (13) සිය සංචාරය අතරතුරදී කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය නැරඹීමට එක් වන ලදී.
14 Feb 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ඊයේ (12) ජනතා අයිතියට පත් කෙරිණි.
13 Feb 2017


