වැදගත් සිදුවීම්
ආපදා කළමණාකරණය යන තේමාව යටතේ සංවිධානය කළ දෙවන ‘Table Top’ අභ්‍යාසය උතුරු නාවික විධානයේ දී පැවැත්වේ
ආපදා කළමණාකරණය යන තේමාව යටතේ උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ දෙවන ‘Table Top’ අභ්‍යාසය පසු ගිය (5) දින කන්කසන්තුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ විධාන නිලධාරි නිවාසයේ දී, උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
07 Jan 2017
නාවික තඨාකාංගනයේ අලුතින් ඉදිකළ යාත්‍රා අංගනය සහ ප්‍රතිසංස්කරණය කරන ලද විධානය ගබඩා සංකීර්ණය විවෘත කෙරේ
නාවික තඨාකාංගනයේ අලුතින් ඉදි කරන ලද යාත්‍රා අංගනය නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති සහ ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සුරතින් පසු ගිය (5) වන දින විවෘත කරන ලදි.
07 Jan 2017
වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට සහ මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) උච්චමුනේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
07 Jan 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
06 Jan 2017
නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 59 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 28 දෙනෙකු හට සහ 2017 වර්ෂයේ පළමු ඉදුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් 27 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (6) ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ප්‍රධාන ජලමානක නිලධාරී සහ අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
06 Jan 2017
අනතුරට පත් ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවේ සහාය
නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4445 වේග ප්‍රහාරක යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පොඩුවකට්ටු මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
06 Jan 2017
ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ
සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම අද (05) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.
05 Jan 2017
පාකිස්තානයට අයත් “හීන්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
05 Jan 2017
පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට සේන්දු විය.
05 Jan 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට
ඩෙල්ෆ්ට් දූපතට වයඹ හා උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) සවස අත්අඩංගුවට ගන්නා ලදී.
05 Jan 2017


