නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ 2023 ජුනි මස 06 වන දින සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබා ගැනීම යන නීතිවිරෝධි කටයුතු සිදුකල පුද්ගලයින් දහ අට දෙනෙකු (18), මුහුදු කූඩැල්ලන් හයසිය හැට නවයක තොගයක් (669), ඩිංගි යාත්‍රා හයක් (06), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 ජුනි මස 06 වන දින උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින්, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයන්ගේ නීති විරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබා ගැනීම යන නීතිරෝධි කටයුතු සිදුකල පුද්ගලයින් දහ අට දෙනෙකු (18), මුහුදු කූඩැල්ලන් හයසිය හැට නවයක තොගයක් (669), ඩිංගි යාත්‍රා හයක් (06), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 42 ත් අතර වයසේ පසුවන කල්පිටිය, මුල්ලියාන් සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් දහ අට දෙනා (18), මුහුදු කූඩැල්ලන් හයසිය හැට නවයක තොගය (669), ඩිංගි යාත්‍රා හය (06), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.