Drug Bust News-si

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල පක්‍ෂීන් 237ක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් දෙසීය තිස් හත් දෙනෙකු (237) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2026 ජනවාරි 14) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jan 2026

ඖෂධ පෙති 108,480ක තොගයක් කල්පිටිය කන්දක්කුලිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කන්දක්කුලිය මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුලට ගෙන ඒමට උත්සාහ කල ඖෂධ පෙති එක්ලක්‍ෂ අටදහස් හාරසිය අසූවක (108,480) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Jan 2026

විදේශීය කංසා කිලෝ 02ක් ‍‍සමඟ සැකකරුවෙක් යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, යාපනය මරදන්කේනි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 09 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්‍රෑම් දෙකක (02) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

11 Jan 2026

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 193ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර එකොලහක් (11) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 දෙසැම්බර් 24) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ දෙකකට (172) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසි එකකට (21) කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය.

25 Dec 2025

රුපියල් මිලියන 31කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ අද (2025 දෙසැම්බර් 17) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ විදේශීය කංසා කිලෝ ග්‍රෑම් එකසිය හතලිහකට (140) අධික තොගයක් සමඟ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Dec 2025

රුපියල් මිලියන 06කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් යාපනය ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලියායි වෙරළ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 14 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ සඟවා තිබූ විදේශීය කංසා කිලෝ විසි හයයි (26) ග්‍රෑම් නවසියයක (900) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Dec 2025

රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මන්නාරම පල්ලියිමුනෙයි ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 10 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් හයක (06) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

12 Dec 2025

රුපියල් මිලියන 14 කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් යාපනය ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලායි වෙරල ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරල ප්‍රදේශයේ සඟවා තිබු විදේශීය කන්සා කිලෝ 62 ග්‍රෑම් 200 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Dec 2025

කල්පිටිය මුහුදු තීරයේදී සිදුකල විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු තීරයේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තුනක් (03) රැගත් ඩිංගි යාත්‍රාවක් සහ එහි සහය සඳහා පැමිණි සිටි තවත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් 04 ක් සමඟ 2025 දෙසැම්බර් 05 දින රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන උර තුන (03) අද උදෑසන (2025 දෙසැම්බර් 06) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 63ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගී විය.

06 Dec 2025

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 376 ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 2025 නොවැම්බර් මස 20 වැනි දින තංගල්ල ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර 18ක් තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 261ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එමෙන්ම, මත්ද්‍රව්‍ය තොගය සමඟ රිවෝල්වර් වර්ගයේ හා පිස්තෝල වර්ගයේ පැති අවි 02 ක්, පතොරම් ගැබ් 02ක් සහ චන්ද්‍රිකා දුරකතනයක් ද එහිදී සොයාගත් අතර, එම මත්ද්‍රව්‍ය තොගය සහ නිතී විරෝධී ගිණි අවි, නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

21 Nov 2025