ශ්රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව යාපනය මාමුණෛ ප්රදේශයේ, අද (2025 ජුලි 04) අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ හැත්තෑ එකයි (71) ග්රෑම් හාරසියයක (400) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.