ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය මාදගල්, සම්බිලිතුරේයි වෙරළ ප්රදේශය ආශ්රිතව 2025 අගෝස්තු මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි එකකට (21) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ අනූ හයයි (96) ග්රෑම් පන්සියයක (500) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.