රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් මන්නාරම නරුවිලික්කුලම් ප්රදේශයේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම නරුවිලික්කුලම් වෙරළ ප්රදේශයේ, මන්නාරම විශේෂ පොලීස් ඒකකය හා එක්ව 2025 සැප්තැම්බර් මස 02 වැනි දින සහ අද (2025 සැප්තැම්බර් 03) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්රෑම් නවසිය හයකට (906) අධික තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය, මන්නාරම පොලිස් විශේෂ ඒකකය හා එක්ව, 2025 සැප්තැම්බර් මස 02 වැනි දින සහ අද (2025 සැප්තැම්බර් 03) නරුවිලික්කුලම් වෙරළ ප්රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්රදේශයේ තිබූ සැකකටයුතු පාර්සල් තුන්සිය අනූඅටක් (398) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, එම පාර්සල් තුල සූක්ෂම ලෙස අසුරා තිබු කේරළ කංසා කිලෝ ග්රෑම් නවසිය හයකට (906) අධික තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දෙසිය තුනකට (203) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, මුරුක්කන් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


















