නීති විරෝධී ධීවරපන්න ක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 12 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 10 සිට 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නීති විරෝධී ධීවර ආම්පන්න සහ පන්න ක්‍රම භාවිතයෙන් සිදුකරණු ලබන ධීවර කටයුතු හේතුවෙන්, සාගර පරිසර පද්ධතියට සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා සහ නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, ත්‍රීකුණාමලය මාර්බල් පොයින්ට්, කින්නියා, ඉරක්කණ්ඩි, ෆ්ලෑග්ස්ටාෆ් පොයින්ට් සහ වලපාඩුකුඩා යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර නාවික විධානය මඟින් සිදුකල මෙම මෙහෙයුම් මඟින් තහනම් ධිවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධීව ධීවර කටයුතු සිදුකල සැකකරුවන් දොලොස් දෙනෙක් (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, පුපුරණ ද්‍රව්‍ය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, කොඩ්බේ, කින්නියා සහ කුච්චවේලි ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.