නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින සිට 24 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රීකුණාමලය බ්ලැක් පොයින්ට්, කෝකිලායි සහ ඉරක්කන්ඩි, වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර නාවික විධානය විසින් සහ යාපනය කඩෙයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු නාවික විධානය සිදුකළ මෙම මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් සමඟ ධීවර යාත්‍රා මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මුලතිව්, කුච්චවේලි සහ යාපනය ධිවර පරීක්‍ෂක කාර්යාල වෙත වෙත භාරදීමට කටයුතු කෙරිණි.




















