ශ්‍රී ලංකාවේ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි

නිල සංචාරයක් සඳහා 2023 පෙබරවාරි මස 25 වන දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) සිය සිව් දින (04) නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පාකිස්ථානය බලා පිටත් විය.

28 Feb 2023

පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි අද දින (2023 පෙබරවාරි 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

25 Feb 2023

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

25 Feb 2023

නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි එකොළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) එකොළොස්වන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද දින (2023 පෙබරවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගන්වන ලදී.

23 Feb 2023

අඛණ්ඩව 20 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර ශූරතාවලිය, 2023 පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින කොළඹ ටොරින්ටන් පෙදෙසේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින් 2023 වර්ෂයේ ජාතික මල්ලවපොර පිරිමි ශූරතාවය දිනාගත් නාවික හමුදා කණ්ඩායම එම ශූරතාවය අඛණ්ඩව 20 වන වරටත් දිනාගත් කණ්ඩායම බවට ඉතිහාසයට එක්විය.

21 Feb 2023

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා (General Sahir Shamshad Mirza) අද දින (2023 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

10 Feb 2023

75 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින ‍(2023 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 75 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.

04 Feb 2023

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය (CARAT–2023) සාර්ථකව නිමාවට පත් වෙයි

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවත්වන ලද සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2023 ජනවාරි මස 19 වන දින සිට 2023 ජනවාරි මස 25 වන දින දක්වා කොළඹ, ත්‍රීකුණාමලය සහ ‍මුල්ලිකුලම් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනු අතර, එය අද දින (2023 ජනවාරි 26) සාර්ථකව නිමාවට පත්විය.

27 Jan 2023

ඇමරිකා එක්සත් ජනපද හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි Rear Admiral Joaquin J. Martinez de Pinillos ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 ජනවාරි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

27 Jan 2023

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර හමුවක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2023 ජනවාරි 20) කොළඹ, ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.

22 Jan 2023