නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල උතුරුමැද, උතුර සහ නැගෙනහිර නාවික විධානයන් තුල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1385 ග්‍රෑම් 500 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් අට දෙනෙකු (08) සහ හෙරෝයින් ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 02ක් සමග තවත් සැකකරුවන් දසදෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.