මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට ලක්ව සිටි 55 ක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මඟින් බේරාගැනේ

හම්බන්තොට සිට නාවික සැතපුම් 390 ක් පමණ (කිලෝමීටර් 722 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුවී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක ජීවිත අවදානමට ලක්ව සිටි නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන පුද්ගලයන් 55 ක් 2022 ජූලි මස 10 වන දින නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව කටයුතු කල අතර, එම පිරිස අද (2022 ජුලි 12) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන එන ලදි.

12 Jul 2022

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ජුලි මස 11 වන දින සවස් කාලයේ උතුරු මුහුදේ ක්‍රියාත්මක කළ අතර, එහිදී කෝවිලන් ප්‍රදීපාගාරයට නුදුරු මුහුදේ අනවසර ධිවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jul 2022

ගැඹුරු මුහුදේදී ආපදාවට පත් ධීවරයින් පිරිසක් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහයෙන් මුදවාගැනේ

මහා රාවණා ප්‍රදීපාගා‍රයේ සිට නාවික සැතපුම් 174 ක් පමණ (කිලෝමීටර් 322 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක ජීවිත අවදානමට ලක්ව සිටි ධීවරයන් තිදෙනෙකු නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අද (2022 ජුලි 11) කටයුතු කෙරිණි.

12 Jul 2022

රුපියල් මිලියන 67 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ තීරයේ සහ වැලිපර ආශ්‍රිතව අද (2022 ජුලි 11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 225 කට අධික තොගයක් සහ සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jul 2022