මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 26 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ සහ අද (2022 සැප්තැම්බර් 16) අළුයම සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

16 Sep 2022