මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කල පුද්ගලයින් 05 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව යාපනය, වෙත්තලකේනී කුඩෙයිරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 13 වන දින රාත්‍රියේ සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) මුහුදු කූඩැල්ලන් 10,000 ක පමණ තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Oct 2022
කල්මුනේ, පෙරියනීලවනෛයි ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය
කල්මුනේ, පෙරියනීලවනෛයි ප්‍රදේශයේ ලී මෝලක අද (2022 ඔක්තෝබර් 13) අළුයම් කාලයේදී ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීම සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
14 Oct 2022


