මෙහෙයුම් පුවත්

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 28 ක් යාපනය කොළොම්බුතුරෙයි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කොළොම්බුතුරෙයි වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 28 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Mar 2023

විදේශීය දුම්වැටි 2000 ක් සමඟ සැකකරුවෙක් ජා ඇළ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ජාඇල ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි 2000 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

18 Mar 2023

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 02 ක් මුලතිව් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 16 වන දින රාත්‍රී කාලයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Mar 2023