ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහුදේදී ආපදාවට පත් වූ අතර, එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටින ලදි. එලෙස රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් වියට්නාමයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 151 ක් 2022 දෙසැම්බර් 28 වන දින මෙරටට ලඟා වූ අතර, එලෙස තාවකාලිකව රඳවා සිටි තවත් ශ්‍රී ලාංකිකයන් විසිතුන් දෙනෙකු (23) 2023 අප්‍රේල් මස 19 වන දින කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට ළඟා විය.