ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ 11 මල්වත්ත පාර ප්රදේශයේ 2023 මැයි මස 31 වන දින රාත්රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි දෙදහසක් (2000) රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.