මෙහෙයුම් පුවත්
කේරළ ගංජා සමඟ සැකකරුවෙක් ත්රිකුණාමලය මොල්ලිපොතානේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ත්රිකුණාමලය, මොල්ලිපොතාන ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්රෑමයකට (01) අධික ප්රමාණයක් සමඟ සැකකරුවෙකු (01) 2023 ජුනි මස 01 වන දින නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
02 Jun 2023
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ අද දින (2023 ජුනි 01) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25), මුහුදු කූඩැල්ලන් එක්දහස් හැට අටක (1068) ප්රමාණයක් සමඟ ඩිංගි යාත්රා හතක් (07) සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Jun 2023


