ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, පෙරිය අරිච්චාල් දූපත් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2023 ජුලි මස 14 වන දින රාත්රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝග්රෑම් පන්සිය තිහක (530) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.