ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය කදයිකාඩු, නගර්කෝවිල් සහ චුන්ඩිකුලම් ප්රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2023 ජුලි මස 16 සහ 17 යන දිනයන්හි සිදු කල විශේෂ සේදිසි මෙහෙයුම් මඟින් රාත්රී කාලයේ වලංගු බලපත්ර නොමැතිව කිමිදුම් කටයුතු සිදු කල සහ තහනම් දැල් හා නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සහ ඩිංගි යාත්රා හතරක් (04), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.