මෙහෙයුම් පුවත්

කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03 ක්‍ නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් (03) විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් තිදෙනා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අද දින (2023 සැප්තැම්බර් 17) පී 421 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා හම්බන්තො‍‍ට මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

17 Sep 2023