ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2023 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය තිස් හයක (1236) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02), කැබ් රථයක් (01) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.