ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 ඔක්තෝබර් මස 02 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේ සහ එරක්කණ්ඩි ප්‍රදේශයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), ලොරි රථයක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.