ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සහ යාපනය, මණ්ඩතිව් ටී හංදිය මාර්ග බාධකයේ 2023 ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන්හීදී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ මුහුදු කූඩැල්ලන් හයසිය විස්සක (620) ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක් (01), ත්‍රීරෝද රථයක් (01) සහ කිමිදුම් උපකරන නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.