මෙහෙයුම් පුවත්
නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කරෙයිතිව් හා පල්ලියවත්ත මුහුදු ප්‍රදේශයන්හීදී අද දින (2023 ඔක්තෝබර් 29) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශ ඔස්සේ නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Oct 2023
රුපියල් මිලියන 41 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශයේදී අද දින (2023 ඔක්තෝබර් 29) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරක (104) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Oct 2023
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඔක්තෝබර් මස 28 වන දින සවස් කාලයේ සහ අද දින (2023 ඔක්තෝබර් 29) අළුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස්හත් දෙනෙකු (37) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Oct 2023


