ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2023 නොවැම්බර් මස 06 වන දින රාත්රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශය ඔස්සේ ප්රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් එකසිය තිස්හතකට (137) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.