මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය අසු හතරක (1384) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Nov 2023
රුපියල් මිලියන 40 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය කරෙයිනගර් වෙරළේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැළෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය එකකට (101) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Nov 2023


