ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් දූපත අසල මුහුදු ප්රදේශයේ 2023 නොවැම්බර් මස 22 වන දින රාත්රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්රෑම් හාරසිය හැත්තෑ හතක (477) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.