මෙහෙයුම් පුවත්
මත්පෙති 2820 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුර ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 දෙසැම්බර් මස 15 වන දින සිලාවතුර කල්ලාරු මාර්ග බාධකය අසල සහ අච්චානකුලම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) දෙදහස් අටසිය විස්සක (2820) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
16 Dec 2023
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි
අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 03 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, අද දින (2023 දෙසැම්බර් 15) වන විටත් එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.
16 Dec 2023


