මෙහෙයුම් පුවත්
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්රදේශයේ අද දින (2023 දෙසැම්බර් 17) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්රෑම් එක්දහස් එකසිය හතළිස් තුනකට (1143) අධික තොගයක් රැගත් ඩිංගි යාත්රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Dec 2023
නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් 04 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම මුහුදු ප්රදේශයේ 2023 දෙසැම්බර් මස 16 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වියළි මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් අටසිය අටකට (808) අධික තොගයක් සහ ඩිංගි යාත්රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Dec 2023


