මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 2000 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්රා 03 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, උච්චමුනෙයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2024 ජනවාරි මස 08 වන දින රාත්රී කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් දෙදහස් තිස් දෙකක (2032) තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Jan 2024
රුපියල් මිලියන 33 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වල්ලිපුරම් වෙරළේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ජනවාරි මස 08 වන දින උදෑසන යාපනය, වල්ලිපුරම් වෙරළ ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් අසූ හතරකට (84) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
09 Jan 2024


