මෙහෙයුම් පුවත්
මත්පෙති 10600 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ජනවාරි මස 12 සහ 13 යන දිනයන්හීදී මිහින්තලේ සහ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියයක (10600) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
14 Jan 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දෙළොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Jan 2024


