ශ්රී ලංකා නාවික හමුදාව, 2024 ජනවාරි මස 15 වන දින දහවල් කාලයේ යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්රදේශයේ ළදු කැළැවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් තිස් හතරක (34) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.