ශ්රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 22 වන දින රාත්රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.