ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මුනේ තුඩුව මුහුදු ප්රදේශයේ අද දින (2024 පෙබරවාරි 12) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හත්සිය හැත්තෑ හතරක (774) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.