මෙහෙයුම් පුවත්

මත්පෙති 1472 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 පෙබරවාරි මස 13 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හැත්තෑ දෙකක (1472) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

14 Feb 2024