මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, බත්තලංගුණ්ඩුව ඉදිරි මුහුදු ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 19 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හාරසිය හැත්තෑ එකක (1471) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

20 Feb 2024