ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අද දින (2024 පෙබරවාරි 21 ) අළුයම මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයසියය පනහක් (650) පොදු ප්‍රවාහන සේවය මඟින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.