මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 3440 ක තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 03) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් දහස් හාරසීය හතළිහක (3440 Kg) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

03 Mar 2024