ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්රදේශයේ අද දින (2024 මාර්තු 03) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් තුන් දහස් හාරසීය හතළිහක (3440 Kg) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.