ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුණෙයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2024 මාර්තු මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශය ඔස්සේ නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.