මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 600 ක පමණ තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2024 මාර්තු මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Mar 2024
ගංජා මිශ්‍ර මදන මෝදක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කැබිතිගොල්ලෑව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව 2024 මාර්තු මස 25 වන දින සවස් කාලයේ මැදවච්චිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදන මෝදක ඇසුරුම් නවසිය පනස් දෙකක (952) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
26 Mar 2024


