මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 10 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් වැලිඔය ප්රදේශයේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 26 වන දින රාත්රී කාලයේ වැලිඔය, නිකවැව ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්රෑම් විසි හතකට (27) අධික ප්රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
27 Mar 2024
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්රදේශයේ 2024 මාර්තු මස 26 වන දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්ර නොමැතිව රාත්රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්දහස් එකසිය හැත්තෑ අටක (3178) පමණ තොගයක්, ඩිංගි යාත්රා පහක් (05) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Mar 2024


