ශ්රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 27 වන දින කල්මුණේ, නින්දවූර් ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්රදේශයේ වෙලඳසැලක් තුල නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.