ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ආච්චන්කුලම් ප්‍රදේශයේ අද දින (2024 අප්‍රේල් 04) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත් රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය අසූ නවයක (589) පමණ තොගයක්, යතුරු පැදි තුනක් (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.