ශ්‍රී ලංකා නාවික හමුදාව පුල්මුඩේ, ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 05 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කෑලෑවක ගසක් යට සඟවා, පාර්සලයක බහාලා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයක් (06), සේවා නූලක් (01) සහ විදුලි නොවන ඩෙටනේටර් විස්සක (20) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.