ශ්‍රී ලංකා නාවික හමුදාව, අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව මන්නාරම වංකාලේ ප්‍රදේශයේ, 2024 අප්‍රේල් මස 21 වන දින දහවල් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් දහයකට (10) අධික තොගයක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු (04) සහ වෑන් රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.