ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි වෙරළ ප්රදේශයේ 2024 මැයි මස 04 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් එකසිය විස්සක (120) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.